මහනුවර වැඩබලන දිසාපතිවරයා  ලෙස එල්.ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (01) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරන ලදී. මහනුවර දිසාපති ලෙස කටයුතු කළ එච්.එම්.පී. හිටිසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සදහා චන්ද්‍රිසිරි බණ්ඩාර මහතා වැඩබලන දිසාපතිවරයා ලෙස පත් කොට තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේෂ්ඨතම නිලධාරියෙක් වන චන්ද්‍රිසිරි බණ්ඩාර මහතා මේ වන විට කෑගල්ල දිසාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි. 1985  රාජ්‍ය සේවයට සේවයට එක් වෙමින් සමූපකාර සමිති පරීක්ෂකවරයෙක් ලෙස රාජකාරී ආරම්භ කර ඇති ඒ මහතා 1992 ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වී ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරු ගණනාවක සේවය කර ඇති ඒ මහතා වනජීවී අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇත. උතුරුමැද පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන්ද කටයුතු කොට ඇති ඒ මහතා, අනතුරුව කෑගල්ල දිසාපතිවරයා ලෙස පත්වී ඇත. මහනුවර දිස්ත්‍රික්කය වැනි ඓතිහාසික සහ සංස්කෘතිකමය වශයෙන් වැදගත් දිස්ත්‍රික්කයක සේවය කිරීමට ලැබීම ඉමහත් භාගය්‍යක් සේ සලකන බව පැවසූ දිසාපතිවරයා සෑම නිලධාරීයෙකුගේම ගෞරවය රැකෙන පරිදි තමන් කටයුතු කරන බවද පැවසීය. වැඩභාර ගැනීමට පෙර මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා බැහැදැක උන් වහන්සේලාගේ අශිර්වාද ලබා ගත් දිසාපතිවරයා දළදා මාළිගාවට පැමිණ ආගමික වතාවත් වලද නියැලෙන ලදී. 

ඡායාරූපයෙන් දැක්වෙන්නේ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා රාජකාරි ආරම්භ කළ මොහොතයි. අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී.රණේපුර මහතා ඒ අසල සිටි.

 

   
   K GAduty1

News & Events