72 වන නිදහස් සැමරුමට සමගාමීව පවත්වන ලද මහනුවර දිස්ත්‍රික් සැමරුම් වැඩ සටහන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මහනුවර මහ දිසාපති ඩී.එම්.එන්.ජී.ජී.ටී. කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් 2020.02.04 වන දින මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා. මෙහිදී 1700 කට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ආචාර්ය පෙළපාලියක් පැවැත්වුනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු පාසල් 25 ක සිසු සිසුවියන් පිරිසක් සහභාගි වී සිටියා.

නිදහස දිනාගැනීම සඳහා නිදහසේ වටිනාකම පිළිබඳව පාසල් දරු දැරියන් විසින් භාෂා 03 න් විශේෂ දේශන 03 ක් පැවැත්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් වුනා. මෙම අවස්ථාව සඳහා ඉන්දීය සහකාර මහ කොමසාරිස් ජිනේන්ද්‍ර සිං මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටි අතර, මහනුවර මහ දිසාපති ඩී.එම්.එන්.ජී.ජී.ටී. කරුණාරත්න මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණා.

DSC 4109

DSC 4123

DSC 4134

DSC 4159

DSC 4202

DSC 4184

DSC 4205

DSC 4221

DSC 4238

DSC 4268

DSC 4236

DSC 4246